.

.

Saturday, January 28, 2012

batch trip 2 katharagama

                           2011 මාර්තු 07 08 09 අපි අ‍පේ පලවෙනි ගමන ගියා.ඒ කතරගම. bus 3ක් , batch 3ක් එක්ක දවස් තුනක්.ඒ දවස් 3න් තමයි අපේ batch එකේ සමගිය වැඩි වුණේ.අපි පලවෙනි දවසේ ගියේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගා‍රය බලන්න.එදා හවස අපි පොල්හේන beach එකේ නාන්න ගියා.හැබැයි ඉතින් නෑවට වඩා අපි සෙල්ලම් කලා. එදා රෑ නැවතූනේ කිරිවෙහෙර ගංගාරාම පංසලේ විශ්‍රාම ශාලාවේ.
                          දෙවෙනි දවසේ තමයි අපේ trip එකේ ප්‍රධානම වැඩේ කලේ.ඒ අපේ research එක. ඒක අපි කලේ "ගෝතමීගම" ගම  මූලික කරගෙන. ග්‍රාමීය ප්‍රදේශ වල "මාධ්‍ය භාවිතය" කොහොමද කියලා අපි මෙහිදී පර්යේෂණයට ලක් කලා.එදා රෑ අපි කිරිවෙහෙර වදින්න ගියේ මැණික් ගගෙන් නාලා.
                         3 වෙනි දවස තමයි අපේ trip එකේ අවසාන දවස. එදා අපි ගියේ රන්මිහිතැන්න ටෙලිසිනමා ගම්මානය බලන්න.ආපහු අපි එන්න පිටත් වෙලා මගදි තේ බොන ගමන් සිංදු කියලා නැටුවා.දු‍කෙන් වුණත් පාන්දර 1ට විතර campus එකට ආවා.

No comments:

Post a Comment